ලියාපදිංචිය නොපෙන්වන වෙළෙන්දුන්ට VAT ගෙවන්න එපා . . .

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (ජන. 17) සවස යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට වැට් බදු ගෙවන සීමාව වාර්ෂිකව මිලියන 80ක පිරිවැටුම වුව ද එය නුදුරේදී ම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන ඒමට නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ය.

එසේ ම, 2002 අංක 14 දරන වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයෙකු ම වැට් බදු අය කරන්නේ නම් තම සේවාදායකයාට, පාරිභෝගිකයාට හෝ ඕනෑ ම අයෙකුට බලා ගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, එසේ නොකරන අය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළහොත් එම අයට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නොමැති බව ද සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාරම්මල උණුසුම් කළ වෙඩිල්ල . . .

Fri Jan 19 , 2024
නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇත. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x