සජිත්ගෙන් කතානායකට හදිසි ලිපියක් . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබේ.

මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි, එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ.

ජනවාරි මස 23 සහ 24 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා විසින් මෙම ලිපිය කතානායකවරයා වෙත යොමුකර තිබේ.

මෙම පනත් කෙටුම්පතේ බහුතර වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් එය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බවයි, එමඟින් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ.

විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ, ලොව අනෙකුත් රටවල මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් සහ පුළුල් මහජන අවකාශයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන අතර රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරිමෙහි ලා එවැනි පිළිගත හැකි ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති බවයි.

යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වුවහොත් එමඟින් පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් හිමිවන අතර එමඟින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවිය හැකි බවද විපක්ෂ නායකවරයා යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මෙම පනත මඟින් සමාජ මාධ්‍ය ජාලයන්හී සැබෑ ලෙස වින්දිතයින් ආරක්ෂා කරනු වෙනුවට සිදුවිය හැක්කේ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පමණක් බවය.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් සියලු දෙනාට පිළිගත හැකි හා ප්‍රායෝගික පනත් කෙටුම්පතක් නැවත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගැනීම වෙනුවෙන් මෙම විවාදය කල් දමන ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් වේ.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිප්ටෝ වෙසින් එන මුදල් වංචා වැඩි වෙයි . . .

Sat Jan 20 , 2024
ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බවට හඟවමින් සිදු කෙරෙන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ඉහළයෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි. මේ නිසා වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් රැක ගැනීමට සුපරික්‍ෂාකාරීව සිටින ලෙසත්, වංචාකරුවන් විසින් මේ සඳහා යොදාගන්නා උපායන් පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x