සනත් නිශාන්තගේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක් . . .

අද (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් විය.

හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු වී තිබිණි.

මිය යන විට ඔහු වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.

සනත් නිශාන්ත ගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා ඇත.

 

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් සහ මහින්ද සනත් නිශාන්තගේ නිවසට . . .

Thu Jan 25 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට පැමිණියහ. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ සනත් නිශාන්ත අභාවයට පත්වීම පක්ෂයටත් ජාතියටත් රටටත් පාඩුවක් බවයි. රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ. අද (25) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x