සනත් නිශාන්ත අධිවේගයේ රිය අනතුරකින් මිය යයි . . .

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියකු මියගොස් ඇත.

රථයේ රියදුරා තුවාල ලැබීමෙන් පසුව රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනයෙන් තිබූ අමාත්‍යවරයාගේ ජීප් රථය එදෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර රථයක ගැටීමෙනි.

අනතුරින් පසු රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා හා රියදුරා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා හා ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක් . . .

Thu Jan 25 , 2024
අද (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් විය. හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x