හදිසියේ කාරයක් ගිණි ගනීයි . . .

පස්සර බඩල්කුඹුර මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක්  තෝලබෝගස්වත්ත ප්‍රදේශයේ 2 කණුවේදි  දි ඊයේ (27) දින අළුයම ගිණිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු කතරගම සිට නැවත බදුල්ල බලා එමින් සිටියදි අළුයම 4.30 පමණ එකවරම මෝටර් රථයෙන් දුමක්  සමගම ගින්නක් ඇතිවු බවත් ඒ අවස්ථාවේ දි එය නවතා එලියට පැනගත් බවද ඔවුන් පොලිසිය වෙත පවසා ඇත.

මෙම අනතුරින් කාර් රථය තුල තිබු ඔවුන් දෙදෙනා ගේ ජංගම දුරකථන දෙක ඇතුළු පෞද්ගලික බඩු භාහිරාදිය සියල්ලම ගින්නට හසුව විනාශයට පත්වු බවද පවසා ඇති අතර මෙම ගින්නට හේතුව මෝටර් රථයේ ඇතිවු කාර්මික දෝෂයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

මේ පිළිබඳව පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක ගේ මෙහෙයවිමෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද පොලිසිය සදහන් කලේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝ ප්‍රකට මොනාලීසා සිතුවමට ප්‍රහාරයක් . . .

Sun Jan 28 , 2024
සුප්‍රසිද්ධ සිත්තරා ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙක් විසින්, ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. වෙඩි නොවදින වීදුරු ආවරණයක ආරක්ෂාව ඇති නිසා සිතුවමට හානියක් විය නොහැකි බවයි, ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ. 16 වැනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x