දේශිය ඖෂධ සමාගම් අතුගා දැමීමේ උත්සාහයක් . . .

ජාතික ඖෂධ නියාමන අධිකාරිය දේශිය ඖෂධ සමාගම් සඳහා පමණක් සුවිශේෂී සීමා කිරිම් සිදු කිරීම තුළින් දේශිය නිෂ්පාදන අතුගා දැමීමේ වැඩපිළිවෙලක් දියත් වන්නේදැයි සැකයක් මතුව ඇතැයි පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

දේශිය ඖෂධ නිෂ්පාදනය සඳහා ව්‍යාජ ලිපි නිකුත් කර ඇති බවට සඳහන් කරන්නේ එම බලමණ්ඩලයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය ජාතික ඖෂධ නියාමනඅධිකාරියේ ලිපිගොනු පරික්ෂා කර නිවරැදි තොරතුරු අනාවරණය කරගන්නා ලෙසය.

ප්‍රශ්නසහගත හියුමන් ඉමියුග්ලොබින් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකරන ලද පරික්ෂණවලදි ඊට අදාළ ව්‍යාජ සහතික පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වි නොමැත.

එම නිසා ව්‍යාජ ලිපි සහ සහතික නිකුත් කරන කර්මාන්තශාලාවේ හිමිකරුවා සොයාගැනිම සඳහා විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු රවිකුමුදේශ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිලමේවරයෙක් පෙරහැරේ ඇතු පිටින් වැටේ . . .

Mon Jan 29 , 2024
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කල පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි නිලමේ වරයෙකු බිම ඇද වැටි තුවාල ලබා රෝහල්ගත කර තිබේ. නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මෙම අනතුර සිදුවී ඇත. වතුපිටවල රෝහලට ඇතුලත් කරනු ලැබු නිලමේවරයාගේ ඒත් අතක් බිඳී ගොස් තිබේ. පෙරහැරේ අලි ඇතුන් දොළොස්‌ දෙනෙකු ගමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x