හවුති කැරලිකරුවෝ බ්‍රිතාන්‍ය තෙල් නැවකට පහර දෙති . . .

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයකින් රතු මුහුද හරහා යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවක් ගිනි ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉන්දීය සාගරයේ උතුරින් යේමනය සහ නැඟෙනහිරින් අරාබි මුහුද අතර පිහිටි ගැඹුරු ස්ථානය ලෙස සැලකෙන ‘ගල්ෆ් ඔෆ් ඒඩ්න්’ හිදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ සහාය ලැබෙන බවට බටහිර රටවල් සැක කරන හවුති කැරලිකරුවන් මේ ප්‍රහාරය එල්ල කළේ

යේමනයේ පිහිටි සිය කඳවුරු වෙත අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් වශයෙන් බවද වාර්තා වේ. ‘මර්ලින් ලුවන්ඩා‘ නමින් හඳුන්වනු ලැබූ ඒ තෙල් නැවට එල්ල වූ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයට සහ එහි මිත්‍ර රටවලට නිසි ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ලැබුණු බව පසුව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ පිහිටි එම නැව් සමාගමේ ප්‍රධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය, ජපාන, අමෙරිකා සහ ප්‍රංශ නාවික හමුදාවල සහායෙන් ගින්න මැඬ පැවැත්වීමට හැකි වූ බවයි. ඉන්දීය ජාතිකයන් 22 දෙනකු සහ බංග්ලාදේශ ජාතිකයකුගෙන් සමන්විත එහි කාර්ය මණඩලයද නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වූ බවත් ඒ සමාගම සඳහන් කර තිබේ. පසුව ඒ නෞකාව ආරක්ෂිතව ආසන්නතම වරාය දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජබ පාගමන පුරහලින් ඇරඹෙයි . . .

Tue Jan 30 , 2024
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. “වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි. විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x