ලොව ප්‍රථමවරට ලංකවේ ස්වාභාවික වර්ණක නිපදවයි . . .

ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතින ස්වාභාවික වර්ණක භාවිතයට කදිම විසඳුමක් ලබාදීමට මෙරට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ, ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලුම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවමින්.

වසරකට ලෝකය පුරා ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණක ටොන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ජලයට එක්වීමෙන් සහ හිරු කිරණට නිරාවරණය වීමෙන් එම වර්ණක පරිසරයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මේ ගැටලුවට යුරෝපය ඇතුළු බටහිර රටවල් ලෝකයෙන් විසඳුමක් ඉල්ලා ඇති අතර මෙරට ඇති පාරිසරික ගැටලුවකට මනා විසඳුමක් ගෙන දෙමින් ජාත්‍යන්තරයට අවශ්‍යව ඇති ඉල්ලුමක් සැපයීමට ජ්‍යේෂ්ඨ විද්‍යාඥයින් 14කින් සහ පර්යේෂණ විද්‍යාඥයින් 80 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය කළ මේ සොයාගැනීම ශ්‍රී ලංකා නාමය ඉහළට ගෙන් යෑමක්.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කනත්තේ අන්නාසි වගා කරලා . . .

Thu Feb 1 , 2024
මීරිගම හේනේගම ප්‍රදේශයේ, සුසාන භූමියක් තුළ අන්නාසි වගා කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වූ පුවතක් වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ මරණාධාර සමිතියේ අනුමැතියෙන් එහි භාණ්ඩාගාරිකවරයා විසින් මෙම අන්නාසි වගාව කරගෙන යන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ, මීට වසර 15කට පමණ පෙර මෙම අන්නාසි වගාව ආරම්භ කළ බවත් එවිට ගම්වාසීන්ද විරෝධතාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x