සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව . . .

අද (01) උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට (02) දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අද දිනයේ ද රෝහල් කටයුතු අඩපණ විය

ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ රජයෙන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල ඉහළට . . .

Thu Feb 1 , 2024
ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x