කැතේ ෆැසිපික් ගුවන් සේවය යළිත් කටුනායකට . . .

කොවිඩ් වසංගත සමයේ  එනම්  2020 මාර්තු මාසයේ සිට  තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම්  අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (01) දින සිට සක්‍රීය කරමින් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඒ අනුව සතියේ  සෑම  අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය .

කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය  ඊයේ  මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සදහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

කැතේ ෆැසිපික් ගුවන් සේවා හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව . . .

Fri Feb 2 , 2024
ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය විසින් සුවිශේෂී විඩීයෝවක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා. ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හැකිය. ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x