අනුර හොරේෂස්ගේ මොනර කුටුම්බය එළිදකී . . .

ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදියකු හා “ගිනිඅවි සහ ගිනිකෙළි” නමින් ජනප්‍රිය ගවේෂණාත්මක කෘති මාලාවක් නිර්මාණය කළ අනුර හොරේෂස් විසින් රචිත නවතම නිර්මානය වන “මොනර කුටුම්බය” නවකතාව අද (03) උදේ 10ට මරදාන එස්. ගොඩගේ පොත් මැදුරේ දී එළිදකී.

මෙපමණ කලකට කිසිම කෘතියකට ප්‍රස්තූත නොවූ විශය බීජයක් තුළින් මෙම නවකතාව නිර්මාණය වූ බව සඳහන් කරන කතුවරයා එය අභව්‍ය නොවන යථාර්තවාදි කතාන්දරයක් බව පවසයි. අද රටේ අති බහුතරයක් වූ ස්ත්‍රින් හා පුරුෂයින් මුහුණපාන සංවේදි ජීවන අත්දැකීම් රැසක් මෙම නවකතාව නිර්මාණයේ දී තමන් යොදාගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් මෙම නවකතාව සැමියාට, බිරිඳට, පෙම්වතාට, පෙම්වතියට හා පවුලේ වැඩිහිටි සියලු දෙනාට සිය ජීවිතයේ මෙතෙක් නොදුටු පැති ගණනාවක් කියා දෙන අත්පොතක් බව අනුර හොරේෂස් කතුවරයා පවසයි.

මෙම නවකතාවට අවශ්‍ය තොරතුරු වසර එකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ ගවේෂණය කළ බව පවසන කතුවරයා පෙබරවාරි 03 වැනිදා උදෑසන 10 සිට ගොඩගේ පොත් මැදුරේ දී කෘතිය පිළිබඳ අදහස් හුව මාරුවකට එක්වන ලෙස සාහිත්‍ය රසවතුන්ට ආරාධනා කර සිටී.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොලිවුඩ් නළු කාල් වෙදර්ස් ජීවිතක්ෂයට . . .

Sat Feb 3 , 2024
ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය 1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද රඟපෑ වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x