ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි . . .

ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී   ලොරි රථය සමගම  අද (05) එම පාලම  හුලන්දාව ඔයට කඩා වැටී ඇත.

තෝරකොලයාය දෙස සිට කොටන්  තොගයක් රැගත් ලොරි රථය පාලම මතින් ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් සිටියදි එම අනතුර සිදුවී ඇති අතර එහි රියදුරුට අමතරව ලොරි රථ සහයකයෙක් ගමන්කර ඇති බවත් අනතරෙන් පසුව ප්‍රදේශ වාසීන් එක් එම දෙදෙනා පිටතට ගෙන ඇති නමුත් ඔවුන්ට තුවාලයක් නැති බව පොලිසිය පවසයි.

මේ වන විට එහි වාහන ගමනා ගමනය හා පා ගමන් සම්පූර්ණයෙන්ම නැවැතී ඇති අතර ව්කල්ප මාර්ගයක් ලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර හරහා මිද්දෙනිය මාර්ගය භාව්තා කරණ ලෙස ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කඩා වැටී ඇති පාලම හරහා සමහර පුද්ගලයන් එගොඩ මෙගොඩ වීමට උත්සහ කිරීම දැඩි අනාරක්ෂිත ක්‍රියාවක් බවත් එය වහා නවතා දමන ලෙස පොලිසිය ජනතාවට ඉල්ලීමක් කර සිටියි.

  • රෝහණ සමරවීර සහ  ජයන්ත නානායක්කාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගම්මන්පිලට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි . . .

Mon Feb 5 , 2024
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වන දා අධිකරණය හමුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x