මට ඕනේ සිංගප්පූරුවේ බෙහෙත් . . .

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේයි.

මේ අතරම ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවටයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කර සිටියේ.

එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලෙන් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට අවශ්‍ය බවටද ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළා.

මේ අතර, දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති තහවුරු නොකළ රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු තවදුරටත් කැබිනට් මණ්ඩයේ තබා ගැනීමෙන් ගැටලු මතුවී ඇති නිසා මෙම පියවර ගනු ඇති බවයි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලන්නේ, රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති රඹුක්වැල්ල වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ඔහු තබාගතහොත් ඉදිරි විමර්ශන වලට බාධා එල්ල විය හැකි බවත්, ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බවත් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරනවා.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක් . . .

Mon Feb 5 , 2024
යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත. හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත. එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත රට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x