කෙහෙලිය ඉල්ලා අස්වෙයි . . .

කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

රඹුක්වැල්ල  ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරිණි.

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙදියන් නිල ඇදුම් නැතිව වැඩට එති . . .

Tue Feb 6 , 2024
අද දිනයේ තම සංගමයේ හෙද හෙදියන් නිල ඇඳුමක් නොමැතිව වෙනත් පහසු ඇඳුමකින් සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි. එක්සත් රට පුරා සියළු රෝහල්වල තමන් අභිමත ඇඳුමක් ඇඳගෙන සෙරෙප්පු දමාගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ. රෝගී සත්කාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x