කෙහෙලියට මරණ දඬුවම ඉල්ලයි . . .

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

රඹුක්වැල්ල නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.

මෙම වංචාව හෙළි වූයේ නැත්නම් තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවිදැයි නොදන්නා බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිතුමන් මෙතරම් දිනක් පරීක්‍ෂණවලට බලපෑම් කර නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩ දුන් බවත් පවසන ඔහු ජනාධිපති කාර්යාලයේ අය ගැන හෙළිවුවහොත් ඒ ගැනද බලපෑම් නොකර හිටියොත් වඩාත් හොඳ බවද කියා සිටී.

උඩ පුටුවල අය බලපෑම් කරන්නේ නැතිනම් දූෂිතයන්ට දඬුවම් දෙන්නට දැනට ඇති නීති පද්ධතිය හොඳ හොඳටම ප්‍රමාණවත් බවද හෙතෙම තවදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෙරොම්ගේ නඩුවක් ගැන CIDයට චෝදනා . . .

Wed Feb 7 , 2024
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කළේ යැයි සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩු පැවරීමක් පිළිබඳ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවෘත අධිකරණයේ දී චෝදනාවක් එල්ල කර ඇත. දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x