ගිනි කූරු අයිෆල් කුළුන . . .

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත.

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා පැය 4000 ක කාලයක් වැය කරමින් අඩි 23.6 ක් උස මෙම අයිෆල් කුළුණේ ආකෘතිය නිර්මාණය කර තිබේ. නමුත් මෙම නිර්මාණය කිරීම සඳහා වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති ගිනි කූරූ භාවිත කර තිබීම හේතුවෙන් මෙම නිර්මාණය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සුදුසුකම් නොමැති බව ගිනස් ලෝක වාර්තාව පසුගිය බදාදා ප්‍රකාශ කළේය.

නමුත් ඊයේ (09) ගිනස් ලෝක වාර්තාව එම තීරණය ආපසු හරවමින් ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව මෙම නිර්මාණයට ලබා දීමට තීරණය කර ඇත.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියා තිබුණේ තවුෆික් තහෙර් නැමැති පුද්ගලයකු ගිනිකූරු මිලියන 6ක් භාවිත කරමින් නිර්මාණය කරන ලද අඩි 21.4 ක් උස අයිෆල් කුළුණේ ආකෘතියකටය.

  • අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීපාල ඉන්දියාවට . . .

Sun Feb 11 , 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි සතියේදී ඉන්දියාවේ සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි. ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව නවදිල්ලි නුවර බලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ පිටත්ව යන බව වාර්තා වේ. ඉන් පසුව ඇමරිකාවේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් සහ නිදහස් පක්ෂ ප්‍රබල ක්‍රියාකාරීන් හමු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x