කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන්ට දැඩි කළ නීති රීති මාලාවක් . . .

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් නීති කිහිපයක් පනවමින් යාපනය දිසාපතිවරයා විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් මෙවර යාපනය, කූරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ධාවනය වීම මේ මස 23 දා අලුයම 05.00 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම කච්චතිව් බලා යාමට යාපනය, කූරිකඩ්ඩුවාන් ජැටියට යාම සඳහා ලංගම හා පෞද්ගලික බස් රථ 100ක් යාපනය ප්‍රධාන බස් නැවතුම්පලේ සිට යොදවා ඇති අතර, සෑම විනාඩි 15කට වරක්ම එක් බස් රථය බැගින් ධාවනය කරවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙවර කච්චතිව් මංගල්ලය පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන අතර, ඊට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව 8000 කට සීමා කර ඇති අතර ඒ මෙරට බැතිමතුන් 4000ක් සහ ඉන්දියානු බැතිමතුන් 4000ක් වශයෙන්.

යාපනයේ සිට කච්චතිව් දක්වා ධාවනය වන බෝට්ටුවක එක් ගමන් වාරයක් සදහ ගාස්තුව රුපියල් 150 ක් බවට තීන්දු කොට ඇති අතර, බැතිමතුන්ට ආහාර පාන සපයා දීමක් සිදු නොවන නිසා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන ලෙසද අදාල නිවේදනයේ සඳහන්.

එමෙන්ම මත්පැන් පානය කොට එම උත්සවයට සහභගීවීමත් මත්පැන් රැගෙන යාමත් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

විශේෂයෙන්ම කච්චතිව් මංගල්‍යයයෙන් පසුව ඊට සහභාගී වූ බැතිමතුන් සියළුම දෙනා පෙබරවාරී මස 24 වෙනිදා දහවල් 12.00 වන විට කච්චතිව් දූපතෙන් ඉවත් විය යුතු වෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වියලි කාලගුණයට නිමාවක් . . .

Tue Feb 13 , 2024
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, දකුණ, වයඹ, ඌව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x