බියගමට ජාතික රෝහලක් . . .

ගම්පහ  බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හමුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.

ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර හතයි රූඩ් තුනක් වන ඉඩම් කොටස් දෙකක් අත් කරගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවේ . . .

Tue Feb 13 , 2024
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතිබව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය. මේවන විට රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටියි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 02ක් පවතියි. මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි. ඊට අමතරව දිවයිනපුරා රෝහල් රැසක රෝග නිර්ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x