සෞඛ්‍ය වර්ජනය . . .

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා පස්වරු 1:00 වන විට යුද්ධ හමුදා සාමාජිකයින් 1026ක් යොදවා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසයි.

mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සිදු කරන ලද ඉල්ලීමට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා භට පිරිස් යොදවන ලෙසට ආරක්‍ෂක සේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, දැනට බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොළොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල් 61ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා නිලධාරීන් යොදවා තිබේ.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවා ඇති අතර, හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට අවශ්‍ය භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහ ජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලු ම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපතිවරයා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරට ත් උපදෙස් ලබා දී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බියගමට ජාතික රෝහලක් . . .

Tue Feb 13 , 2024
ගම්පහ  බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x