ඉන්දීය සංගීතඥයන් පස්දෙනකුට ග්‍රැමී සම්මාන 6ක් . . .

ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දියාවට සම්මාන 6ක් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර 66 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දීය සංගීතඥයන් පස්දෙනකු එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, සුප්‍රකට තබ්ලා වාදක සාකිර් හුසේන් සහ බටනළා වාදක රාකේෂ් චවුරාසියා ද ඒ අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගායක ශංකර් මහාදේවන්, වයලින් වාදක ගනේෂ් රාජගෝපාලන් සහ වාදන ශිල්පි සෙල්වගනේෂ් විනයාගරම් ඉන්දීය- බ්‍රිතාන්‍ය සංගීතඥයන්ගේ එකතුවකින් බිහි වූ ශක්ති කණ්ඩායම නියෝජනය කරන වසරේ හොඳම ගෝලීය ගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත් අතර, රාකේෂ් චවුරාසියා බටනළා වාදනයෙන් දායකත්වය සැපයූ අමෙරිකානු ගීත ඇල්බම් දෙකකට ග්‍රැමී සම්මානය හිමි වූ බවත්, සාකිර් හුසේන් තබ්ලා වාදනයෙන් දායක වූ ගීත ඇල්බමයක්ද සම්මානයට පාත්‍ර වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි . . .

Wed Feb 14 , 2024
කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්‍රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිතය. ‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්‍රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි. ග්‍රහකයේ ගමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x