පාසල් සිසුවෙක් කසිප්පු බී රෝහල් ගත කෙරේ . . .

පස්සර ප්‍රදේශයේ පාසලක කසිප්පු පානය කිරීමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (14) වනදා දහවල් මෙම සිසුවා හදිසියේ අසනීපවී වමනය කරනු දුටු ගුරුවරු ඒ පිළිබඳව විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි.

ගුරුවරු විසින් එම සිසුවා කඩිනමින් පස්සර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

තමා කසිප්පු පානය කළ බවට රෝහලේ දී කළ ප්‍රකාශය මත වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවූ බව පස්සර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද පැවසීය .

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.

  • පාලිත ආරියවංශ – බදුල්ල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරගලයේ ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක . . .

Thu Feb 15 , 2024
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බවත්, රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැති බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී එක්වරම එය කළ සිදු කළ නොහැකි බවත් ඇමතිවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x