වැලන්ටයින් චොක්ලට් ගුරුවරු කාලා . . .

වැලන්ටයින් දිනය දා (පෙබ. 14) මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වල තිබූ චොකලට් තොගයක් එම පාසලේ ගුරුවරුන් ආහාරයට ගෙන ඇතැයි මවුපියෝ චෝදනා කරති.

එම ජාතික පාසලේ විදුහල්පතිවරයා වැලන්ටයින් දිනය නිමිත්තෙන් පාසලේ හය ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගුරුවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව පරීක්ෂා කිරීමේදී විවිධ මිල ගණන් යටතේ චොකලට් පෙට්ටි, රෝස මල් පොකුරු හා තවත් තෑගි භාණ්ඩ හමුවී ඇත.

නව වන ශ්‍රේණියේ පන්ති කාමරයක හැර අනෙකුත් සියලු ම පන්ති කාමරවල සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වලින් මෙම භාණ්ඩ හමුවී තිබෙන අතර බාහිර පුද්ගලයන්ගෙන් ලැබී තිබූ හා වෙනත් පාර්ශ්වයන්ට ලබා දීමට තිබූ මෙම චොකලට් පෙට්ටි ළඟ තබාගෙන සිටි බව එම සිසු සිසුවියන් ගුරුවරුන් හමුවේ පවසා තිබේ.

එසේ සොයාගත් චොක්ලට් ඇතුළු භාණ්ඩ සියල්ල ගුරු විවේකාගාරයට රැගෙන ගොස් තිබෙන අතර එහිදී ගුරුවරුන් පිරිසක් චොක්ලට් පෙට්ටි කඩා ආහාරයට ගෙන ඇත. පාසලේ තැන තැන චොක්ලට් හිස් පෙට්ටි හමුවී තිබෙන අතර ඇතැම් සිසුන් එම හිස් පෙට්ටි අහුලාගෙන නිවෙස්වලට ගෙන ගොස් ඇත.

මේ අතර, විදුහල්පතිවරයා වැලන්ටයින් තෑගි හමුවූ සිසු සිසුවියන්ගේ මවුපියන් ඊයේ (පෙබ. 15) දිනයේදී පාසලට ගෙන්වා දැඩි ලෙස අවවාද කර තිබේ. එදින පාසලට පැමිණි මවුපියන් පිරිසක් සිසුන්ගෙන් ලබාගත් චොක්ලට් අනුභව කිරීම පිළිබඳව ගුරුවරුන්ට විරෝධය පළකර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක් . . .

Fri Feb 16 , 2024
පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ. මේ බව පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත. මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දෙන සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x