මහ බැංකුවේ විශේෂ පිරිසක් ඉන්නේ . . .

මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය ස්වාධීන ආයතනයක් ලෙස බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ඒ අනුව එම සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවද හෙතෙම පැවසීය.

එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් සඳහා වැටුප් වැඩි කර ගැනීමක් සිදුකර ඇති බවත් ලෝකයේ සියලුම මහ බැංකු සඳහා විශේෂිත පුද්ගලයන්ගෙන් විශේෂිත වූ ශ්‍රමයක් ලබාගන්නා නිසා ඔවුන්ට ඉහල වැටුප් ලබා දෙන බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙරට ආර්ථිකයට තීරණාත්මක ආයතනය වන මහ බැංකුවට විශේෂඥ දැනුම ඇති විශේෂ පුද්ගලයන් සිටිය යුතු බවද පැවසූ ඔහු අති විශේෂිත වූ පුද්ගලයන් නොගත්විට සිදුවන විනාශය පසුගිය කාලයේ අත්විඳ ඇති බවද කියා සිටියේය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චක‍්‍රලේඛයකින් කතරගම පොලිසිය වැල්ලවායට . . .

Mon Feb 19 , 2024
පරිපාලන දිස්ත්‍රික් මායිම් මත පදනම්ව නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ පොලිස්පති චක්‍රලේඛනයක් හේතුවෙන් කතරගම පොලිසිය තංගල්ල කොට්ඨාශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති පියවරට කතරගම ප්‍රදේශවාසීන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ. කතරගම පොලිසිය මොනරාගල පොලිස් කොට්ඨාශයට සම්බන්ධ කිරීම හේතුවෙන් නිර්මාණය වන බොහොමයක් ගැටලු නිසා දුප්පත් අසරණ ජනතාව තව තවත් අසරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x