ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එරෙහිව පෞද්ගලික සමාගමකින් නඩු . . .

ටෙන්ඩර් කැඳවීමකදී තමන්ට අසාධාරණ ලෙස සලකන ලද බව පවසමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එරෙහිව හෙලි ඇසෝසියේට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් මිලදී ගැනීමට අදාළව ටෙන්ඩර් කැඳවීමේදී මෙම අසාධාරණය වූ බව පවසමින් නුගේගොඩ, නාවල පාරේ පිහිටි හෙලි ඇසෝසියේට්ස් සමාගම විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගම, එම සමාගමේ අදාළ ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරින්, තාක්ෂණික කමිටුවේ නිලධාරින්, වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

2023 ජනවාරි 23 වැනිදා GSE/ICBI/2023 යොමු අංකය සහිත ජාත්‍යන්තර තරගකාරී ලංසු (ICB) කාණ්ඩය යටතේ ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් සැපයීම සඳහා ලංසු කැඳවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ප්‍රචාරණයක් කර තිබූ බව පෙත්සම්කාර සමාගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණය වෙත දන්වා සිටියි.

එම ටෙන්ඩරයට අදාළ පිරිවිතරයන් සහ කොන්දේසි පරීක්ෂා කර බැලීමෙන් පසු පෙත්සම්කාර සමාගම, ඔවුන්ගේ සම්බන්ධතා හරහා අදාළ Coaechs සැපයීම සඳහා චීන සමාගමක් තෝරාගෙන තිබුණි.

ඉන් අනතුරුව පෙත්සම්කරු විසින් ඉතා තරගකාරී ලංසුවක් අදාළ ලියකිවිලි සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙත ඉදිරිපත් කර තිබේ.

තම සේවාදායකයා අදාළ රථ දීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් තෝරාගෙන සිටි බවත්, සමාගමේ සියලුම අක්තපත්‍ර ද ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සම්කරුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා දන්වා සිටියේය.

මෙම ක්‍රියාවලිය අතරතුරදී අදාළ චීන සමාගම, ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලිපියක් යොමු කරමින් තම සමාගම හෙලි ඇසෝසියේෂන් සමාගම සමග ඇති හවුල්කාරීත්වය අත්හිටුවා වෙනත් පාර්ශ්වයක් ඔවුන්ගේ නියෝජිතයා ලෙස පත්කර ඇති බව දැනුම් දී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එය පිළිගෙන වෙනත් පාර්ශ්වයක් ඔවුන්ගේ ලංසුකරු ලෙස තබා ඇති අතර, එය වැරදි සහගත ක්‍රියාවක් බව පෙත්සම්කාර සමාගම දන්වා සිටියි.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘ගෝටාගෝගම’ ඉඩම කැසිනෝ ශාලාවකට දෙයි . . .

Tue Feb 20 , 2024
රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි. පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙරට මෙරට දේශපාලනයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x