ජල බිල්පත් හිගය කෝටි 1450 පනී . . .

ජල පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවීම දිනෙන් දින ඉහළ යමින් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

එලෙස පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවිම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 14500ක හිග මුදල් පවතියි.

ජල බිල්පත් නිකුත් කල පසු නියමිත දිනට පෙර එම බිල්පත් ගෙවනු ලබන්නේ මිලියන 03ක් පමණ වන සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 50% වඩා අඩු පිරිසක් බව එම මණ්ඩලය සඳහන් කරයි.

මීට පෙර ජල පාරිභෝගිකයන්ගෙන් 65% පමණ පිරිසක් නියමිත දිනට පෙර ජල බිල්පත් ගෙවා නිම කිරීම සිදුවිය.

හිග ජල බිල්පත් ගෙවීමට ඇතැම් පාරිභෝගිකයන් වසරක පමණ කාලයකින් සිය බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

එවැනි ජල පාරිභෝගිකයන්ගෙ ජල සැපයුම විසන්ධි කරමින් සිටියි.

එලෙස දීර්ඝ කාලයක් ජල බිල්පත් පැහැර ඇති පිරිස අතර වියාපාරිකයන් , රාජ්‍ය ආයතන, සාමාන්‍ය පාරිභෝගික සහ අඩු ආදායම් ලාභී පිරිස් සිටියි.

එහෙත් ජල සැපයුම විසන්ධි කිරීම වළක්වා ගැනීම සඳහා බොහෝ අවස්ථා වලදී අඩු ආදායම් ලාභීන් විසින් සිය ජල බිල්පත් නියමිත පරිදි ගෙවා නිම කිරීමේ තත්වයක් දක්නට ලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විනිසුරුට බැන්නාට වනිදුට තරග තහනමක් . . .

Thu Feb 22 , 2024
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි. ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි මතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද වාර්තා වෙයි. ඒ අනුව මෙම පෙර වැරදි ද සමඟ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x