දහයියා නොදන්නා නෝනා . . .

එය මෙරට ප්‍රධානතම අමාත්‍යාංශයකි. මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ විෂය භාරව ඇත්තේද මේ අමාත්‍යාංශයටය. කෙසේ නමුත් මේ අමාත්‍යාංශයේ නිලධාරීන් බහුතරයක් සාමාන්‍ය ජනතාව ජීවත් වන ආකාරය ගැන නම් නොදන්නේය. කොටින්ම කියතොත් කුඹුර ගැනවත් නොදන්නේය.

රජය මෙවර වී මිලදී ගැනීම සිදු කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහාය. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පසුගිය දිනකදී පැවැත්විණි. රජයේ ආයතන කීපයක නිලධාරීහු මේ සාකච්ඡාවට පැමිණ සිටියහ.

වී මිලදී ගැනීමේ විෂය භාරව ඇත්තේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකටය. වී මිලදී ගැනීම ගැන පිරිස කතා කරගෙන යද්දී කුමන හෝ කාරණයකට ‘දහයියා’ පිළිබඳවද සාකච්ඡා කෙරිනි. එහිදී ඉහළ නිලධාරිනිය එකවරම “මේ… මොනවටද දහයියා කියන්නේ’’ යැයි විමසුවාය. සාකච්ඡාවට පැමිණ සිටි සියලු දෙනාම මුහුණින් මුහුණ බලාගත්තත් සිනහව පිට නොකර සිටියේ මහත් අපහසුවෙනි.

“මැඩම්… කුඹුරෙන් කපලා ගන්න වී ටික මෝලට ගෙනිහින් අඹරනවානේ. වී ඇටෙන් ඉවත් වෙන පොත්තට තමයි දහයියා කියන්නේ..’’ යැයි පැමිණ සිටි අය ඇයට සරලව පහදා දුන්නේය.

සාකච්ඡාවෙන් පසු පැමිණි සිටි පිරිස කතා වුණේ වී මිලදී ගැනීමේ විෂය භාරදී ඇත්තේ දහයියා ගැනවත් නොදන්නා අයකුට බවය. පුදුමයි මෝල කියන්නේ මොකක්ද කියලා අහපු නැති එක යැයි එක් නිලධාරියකු පිරිස සමග කීවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හරීන්ගේ ලේකම් අත්අඩංගුවට . . .

Fri Feb 23 , 2024
ක්‍රීඩා හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු ගේ ලේකම්වරයෙකු යයි කියන අයෙකු ඇතුළු දෙදෙනෙකු බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පොලිස් සැරයන්වයෙකුට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහැරගෙන ගිය බවට එල් ගිය බවට චෝදනා මතයි. ඊයේ දිනයේ මාර්ගයේ මෝටර් රථ යේ හැසිරවීමේ රාජකාරිය නිරත වූ පොලිස් නිලධාරියකු බීමතින් රිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x