කොළඹින් පිටත් රෑට දඩ ගෙවන්න පුළුවන් . . .

රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාලවල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය.

බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බව ද ඔහු කීවේය. එම තැපැල් කාර්යාලවලදී රාත්‍රි රාජකාරී කටයුතුවලට අමතරව දඩ මුදල් ගෙවීමේ පහසුකම පමණක් හිමි​වෙයි.

මීට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වල තැපැල් කාර්යාල කීපයක්ද රාත්‍රි 8.00 දක්වා විවෘත කර දඩ මුදල් ගෙවීමේ පහසුකම ලබා දීමට නියමිතය. ඊට අමතරව තෝරාගත් තැපැල් කාර්යාල කීපයකදී පැය 24 පුරාම දඩ මුදල් ගෙවීමේ පහසුකම දීමටද සැලසුම් කර ඇත.

මීට අදාළ චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය . . .

Sun Feb 25 , 2024
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවය. එසේම ඉදිරියේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x