කතානායකට එරෙහි විශ්වාසභංගය යෝජනාවක් . . .

මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජලාල්ද සිල්වා ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) පෙරවරුවේ ඊට අත්සන් තැබූහ.

  • නිමල කොඩිතුවක්කු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ . . .

Mon Feb 26 , 2024
2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින එවක ජනාධිපති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x