වෝටර්ස් එඩ්ජ් ඉඩමක් බද්දට . . .

බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියේ පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක  ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2  පර්චස් 1.60 ක ඉඩම් කොටස ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ 10 අශෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මගින් දීර්ඝ කාලීන බඳු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියානු සිනමා උළෙල . . .

Tue Feb 27 , 2024
17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ. ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා සම්මාන සඳහා නිර්දේශවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. අන්තර්ජාතික බූසාන් චිත්‍රපට උළෙල, ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x