මෙන්ඩිස් සමාගමට යළි බලපත්‍රය හිමිවෙයි . . .

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් බවයි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මෙලෙස නිෂ්පාදන බලපත්‍රය ලබාදී ඇති අතර, අදාළ සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු මුදල් නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්විය.

සුරාබදු මුදල් නොගෙවා පැහැර හරින ලද මත්පැන් නිෂ්පාදන සමාගම් පිළිබඳ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් පවත්වා සමාගම් කිහිපයකට එරෙහිව මේ වනවිට අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

රුපියල් කෝටි 678 කට අධික සුරාබදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද මේ වනවිට ගොනුකර තිබේ.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් . . .

Thu Feb 29 , 2024
එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x