වෛද්‍ය සමන් රත්නායක රිමාන්ඩ් . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද (02) පෙරවරුවේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත් මෙරටට ගෙන්වීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක් පාඩු සිදුකිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ චෝදනාව මත අතිරේක ලේකම්වරයා ඊයේ (01) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු හත්දෙනෙකු ද මේ වනවිට ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය පාර්ලිමේන්තු එන්නේ නෑ . . .

Sat Mar 2 , 2024
බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා ඇත. කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x