කැසිනෝ ගසා බංකොළත්වී හෙරොයින් ජාවාරම් කළ කෝටිපතියෝ . . .

කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3)  අත්අඩංගුවට ගනු ලැබූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජයටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍ර දේශයේ පදිංචි හිටපු කෝටිපති කොන්ක්‍රීට් ව්‍යාපරිකයකු සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ කුලී නිවෙස පදිංචිව සිටි ජපානයේ සිට පැමිණ තිබූ කෝටිපති ව්‍යාපාරියෙකි.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බාබා වන්ගාගේ ගුප්ත දිවිය . . .

Sun Mar 3 , 2024
සෑම නව වසරක්ම උදාවන්නේ ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළට නැවුම් බලාපොරොත්තු රැසක් එකතු කරමිනි. එහෙත් සමාජ මාධ්‍ය ජාලයට සහ මතභේදාත්මක සිද්ධාන්තවලට පින්සිදුවන්නට ඒ සියලු බලාපොරොත්තු හා අපේක්ෂාවන් යටින් දිවෙන ගුප්ත අනාවැකි සමුදායක් ද වසරින් වසර අන්තර්ජාලය පුරවා දමයි. එසේ වසරින් වසර අන්තර්ජාලයට එකතුවන අනාවැකි අතර මෑත ඉතිහාසයේ වැඩිපුරම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x