ජනප‍්‍රිය නිලිය ගෙන් කප්පම් ගත් පෙම්වතා . . .

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සැකකරු දැනට විදෙස් ගතව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

මෙම රංගන ශිල්පිනිය හා සැකකරු අතර වසර හතරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් පසුව එම සබදතාවය බිද වැටීම මත ඔහු ඇගෙන් පළිගැනීම සඳහා නිරුවත් පින්තූර සමාජ ජාල වලට යොමු කරන බව පවසා තර්ජනය කරමින් මුදල් ඉල්ලන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.

තම නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරාවි යැයි බියෙන් අවස්ථා කිහිපයකදී මුදල් බැංකු ගිණුම් වලට යොමු කර ඇති බවද ඇය සදහන් කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා . . .

Tue Mar 5 , 2024
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ. යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x