බැසිල් එයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

ඇමරිකා එක්සත් ජනපදයේ සති කිහිපයක් රැඳී සිටි ඔහු කටුනායක ගුවන් තොටුපලින් අද පෙරවරුවේ මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඉදිරි මැතිවරණයට පක්‍ෂය සංවිධානය කිරීම සඳහායි.

ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව අනුව පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් වුවද කැඳවීමේ හැකියාවක් පවතින බවය.

කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයක් සඳහා තමන් සංවිධානය කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

තමන් මැතිවරණයට තරග නොකරන බවත් ඔහු එහිදී සදහන් කලේය.

ඔහු පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ මැතිඇමතිවරුන් හා ආධාරකරුවන් පිරිසක් ගුවන් තොටුපළට ගොස් සිටියහ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුතුකුමාරණ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි . . .

Tue Mar 5 , 2024
එස්. සී. මුතුකුමාරණ අද (5) කතානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ එස්.සී. මුතුකුමාරණ පත් කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x