කොවිඞ් එන්නත 217 වාරයක් අරන් . . .

ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ.

මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය.

‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් ලබා ගත්තත්, මේ තැනැත්තාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැතැයි ද එම පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යයනයක් කළ ‘අර්ලැන්ගන් නුරෙම්බර්ග්’ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.

  • ඒ.එෆ්.පී.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ෂෙල් ඉන්ධන යළි ශ්‍රී ලංකාවට . . .

Thu Mar 7 , 2024
මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ෂෙල් – ආර්එම් පාක්ස් ඉන්ධන සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිතව තිබේ. ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට තිබේ. නව පිරවුම්හල් ආරම්භ කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x