අම්බානි පවුලේ විවාහයට ලංකාවෙන් ගිය සූපවේදීන් . . .

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි ගේ බාල පුත් ආනත් අම්බානි ( Anant  Ambani ) ගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07)  උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .

ඔවුන් ” සිට්‍රස් ” ( Citrus ) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ ” සිලෝන් කරි ක්ල්බ් ” (Ceylon Curry Club ) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි .

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි .

මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන , නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම  අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි .

මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .

මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර , ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර , පැසසුම්  මත තවත් අතිරේක දිනයක් ලෙස 03/04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී  ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව අප ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි .

මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ” ජාම් ” නගරයේ දී අම්බානි ට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පවත්වා තිබේ .

මෙම විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය , ඩුබායි , චීනය සහ ඉන්දියාවේ සූපවේදීන් කණ්ඩායම් ද කැදවා තිබුණි .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට . . .

Thu Mar 7 , 2024
අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයකි. මෙම පුද්ගලයාට ඔහුගේ දෑත් අහිමි වී ඇත්තේ 2020 වසරේ සිදුවුණු දුම්රිය අනතුරකිනි. අවයව ලබා ගත්, කාන්තාව මොළය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x