පොලිසියේ SI ගේ වැඩ තහනම් . . .

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු සමග සිවිල් පුද්ගලයන් දෙදෙනකොට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.

මාර්තු 5 වනදා රාත්‍රියේ උඩප්පුව පොලිස් වසමේ උඩප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇති වූ බහින් බස්වීමක් හා පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා වුණි.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා උප පොලිස් පරීක්ෂකවරයා පුත්තලම රෝහලටත් අනෙක් පුද්ගලයා හලාවත රෝහලටත් මාරු කර යවා ඇත.

ගැටුම සිදුවන අවස්ථාවේ දී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය තුළ තවත් සිවිල් පුද්ගලයින් කිහිපදෙනකු සිට ඇති බවද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වුණි.

ඒ අනුව එම රථයේ රියදුරු, මෝටර් රථයේ හිමිකරු , මෝටර් රථය හා අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට අයත් යතුරුපැදියක් සිද්ධිය වූ දිනම අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් හා 58ක් වූ උඩප්පුව හා කොත්තන්තිවු ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකයා ද පුත්තලම රෝහලේ සිටිය දී මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එලෙස අත්අඩංගුවට පත්වුයේ 33 හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව පුත්තලම කොට්ඨාස භාර නිලධාරීවරයා විසින් අද (07) වැඩතහනමට ලක්කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හරක් කටා පන්නන්න හැදූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට . . .

Thu Mar 7 , 2024
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x