SJB ජාතික ආණ්ඩුවකට . . .

ලබන අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ සමඟ සජිත් ප්‍රේමදාස එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.

ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ සමග එක්ව සජිත් ප්‍රේමදාස ත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.

ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුළුබඩු වර්ග රැසක් ආනයනයට අවසර . . .

Sun Mar 10 , 2024
ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x