ලියාපදිංචි නැති ආගමික මධ්‍යස්ථාන වැටලීමේ තීරණයක් . . .

ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇත. ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසට ඇමතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරි නායක හිමිවරුන් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී වික්‍රමනායක ඇමතිවරයා මේ බව දැනුම් දී ඇත.

ආගමික සිද්ධස්ථාන හා භික්ෂුන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ඇමති විදුර වික්‍රමනායක අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී තිබේ.

එමෙන් ම ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂුන් වහන්සේ හා සිල් මෑණියන් වහන්සේගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂුන් වහන්සේ සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේ සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කළ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

  • Amith Maduranga Gamage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විද්‍යුත් දුම්වැටි උවඳුර . . .

Mon Mar 11 , 2024
ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි පැවසීය . ඔහු එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා – ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x