මුහුදු කොටි නායකයකු අල්ලයි . . .

දකුණේ පාතාල නායකයන් සමග එක්ව ප්‍රභූ ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ මුහුදු කොටි බළකායේ හිටපු බර අවි අංශ ප්‍රධානි වේන්ද්‍රන් හෙවත් ආර්. පී. ජී. රාජා නමැත්තා මාතරට කේරළ ගංජා කිලෝ තුනක් රැගෙන එමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් අද (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ හිටපු කොටි නායකයා සිව්වන ඊළාම් යුද්ධය නිමා වූ පසු ජාත්‍යන්තර බලවේගවල මෙහෙයවීමෙන් කොටි සංවිධානය යළි නගා සිටුවීමට උත්සාහ දැරීමේ චෝදනාවට බෝම්බ ඇතුළු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටියේය.

මෙම කොටි නායකයා දකුණේ පාතාලය හා එල්ටිටීඊ වෙඩික්කරුවන් සම්බන්ධ කරමින් දකුණේ අපරාධවලට නායකත්වය දුන් බවද 2019 දී අත්අඩංගුවට ගත් මොහොතේ අනාවරණ විය. පාතාල නායක ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායම හා කඩුවෙල රණාලේ සමයං හා නේවි අසංකගේ පාතාල කණ්ඩායම් සමග මෙම කොටි නායකයා සබඳතා පැවැත් වූ බවද හමුදා බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවකට හෙළිකර ගත්තේය.

කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයෙන් සිව්වන ඊළාම් යුද්ධය නිමාවට පත් වූ පසු කොටි සංවිධානය යළි නගා සිටුවීමට මෙරටදී අවස්ථා දාහතරකදී උත්සාහ කර තිබිණි. ඒ අතරින් 2019 දී ආනන්ද රාජා නමැති කොටි ක්‍රියාකාරිකයකුගේ කණ්ඩායමට වේන්ද්‍රන් එක් වී සිටියේය.

පොදුජන එක්සත් පෙරමුණේ රැලිවලට සහභාගි වන පූජකවරයකු යොදාගෙන ප්‍රභූ ඝාතනයකට සූදානම් වූ බවද වේන්ද්‍රන්ගේ කණ්ඩායමට චෝදනා එල්ල විය.

බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි වේන්ද්‍රන් යළිත් දකුණේ පාතාලය සමග එක් වී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට හමුදා බුද්ධි අංශය කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරින් සමග මෙම වැටලීම ඊයේ (13) කර ඇත.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්ෂය රෝගීන් වැඩි වෙලා . . .

Thu Mar 14 , 2024
මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි. මේ අනුව පෙනහළුගත ක්ෂය රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ‌වෛදය නිසායා කාදර් ප්‍රකාශ කළේය. මේ වසරේ ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙම මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x