පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියට . . .

පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට ඊයේ (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් අතර ඊයේ දින හුව­මාරු කර­ගැ­නී­මක්ද සිදු විය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දාවේ පරි­පා­ලන අධ්‍යක්ෂ ජන­රාල් එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙ­ටි­පොල සහ පොලිස් මූල­ස්ථාන පරි­පාල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කැළුම් තිල­ක­රත්න  විසින් එම හුව­මා­රු­වට පෙර අත්සන් තබනු ලැබීය.

මේ අව­ස්ථා­වට ආර­ක්ෂක ලේකම් ජෙන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක ද සහ­භාගි වුහ. මේ අව­ස්ථාව සල­කුණු කර­මින් පොලි­ස්පති හා ගුවන් හමු­දා­පති අතර සමරු තිළිණ හුව­ම­රු­වක් සිදු වූ බවත් සියලු දෙනාම සමූහ ඡායා­රූ­ප­ය­ක­ටද පෙනී සිටිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිවේ­ද­නය කළේය. පොලිස් මූල­ස්ථාන ගොඩ­නැ­ගිල්ල කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැ­ගි­ල්ලට රැගෙන යෑමෙන් අන­තු­රුව පොලිස් මූල­ස්ථා­නය පිහිටි මාර්ගය වාහන ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­ම­ටද නිය­මිත බවද අනා­ව­ර­ණය විය.

  • ගයාන් කුමාර වීර­සිංහ

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දමිතාගේ DNA පරීක්‍ෂණයකට නියෝග . .

Sat Mar 16 , 2024
රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු කළ බවට එල්ල වන චෝදනාව සම්බනධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි. මේ වන විටත් දමිතා අබේරත්න අදාල චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x