රදැල්ල රක්ෂිතයේ නිධන් හෑරු 6ක් අත්අඩංගුවට . . .

පානම පොලිස් වසමට අයත් රදැල්ල රක්ෂිතයට අනවරසයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කළ බව කියන සය දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී ගෑස් සිලින්ඩරයක්, යකඩ මිටියක්, ලීටර පහේ කෑන් එකක්, උල් කටු, යකඩ කඩු, ගල් කුඩු සාම්පල්, වෙඩි බෙහෙත් අඩංගු ජෙල් කරල්, ඇමෝනියා ග්‍රෑම් 500ක්, ඩෙට් කෝඩ් දෙකක්, ගල් බෝර දැමීමට යොදාගන්නා කැප් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත. පුරාවිද්‍යා ලාංඡනය සහිත ලැමිනේටින් කරන ලද පුවරුවක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබිණි.

විශේෂ කාර්ය බළකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්තගේ අධීක්ෂණය යටතේ ශාස්ත්‍රවෙල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඒ.එම්. මදුසංඛ ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානයට බාර දී තිබිණි.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි . . .

Mon Mar 18 , 2024
මෑතකදී කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අයකර ගැනීම සඳහා අදාල නෞකා සමාගමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියා මාර්ග මේ වන විට ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x