ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් . . .

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යමින් තිබීම හේතුවෙන් ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් මතුව ඇතැයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

නිල්වලා ගඟේ ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇතැයි ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමග එම ස්ථානයන්ගෙන් මෙලෙස ලවණ ජලය ගංගා ජලය සමග එක්වනවාද යන්න නිලධාරීන්ගේ මතය වී ඇත.

මෙම තත්ත්වය හමුවේ යම් හෙයකින් නිල්වලා ගඟට මුසු වන ලවණ ඉහළ ජලධාරා ප්‍රදේශ වෙත ගලා ගියහොත් පිරිපහදු කිරීම සඳහා ලබා ගන්නා ජලයට ලවණ මිශ්‍ර වීමෙන් පානීය ජලයට එය මිශ්‍ර වීමේ හැකියාවක් පවතින බව ජල සම්පත් මණ්ඩල නිලධාරීන්ගේ අදහස වී තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ ජල සම්පත් මණ්ඩල නිලධාරීන්ගෙන් කළ විමසුමේදී ඔවුන් කියා සිටියේ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පැවතියහොත් ඒ තුළින් ඇතිවිය හැකි තත්වයන්ට මුහුණ දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස් කරමින් ඇති බවය.

  • ජයසිරි පේදුරුආරච්චි – මාතර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට නඩු . . .

Wed Mar 20 , 2024
රුපියල් කෝටි 135 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3 ක් පවරා තිබේ. අංක 255/86, කොරතොට, කඩුවෙල ලිපිනයේ පිහිටි රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගමට (Randenigala Distilleries Lanka Pvt Ltd) එරෙහිව වෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x