කීරි සම්බා වී ලොරියක් පැහැරගනී . . .

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා වී සහිත ලොරියක් සොරාගත් පිරිසක් සොයා වැලිකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී සොරාගන්නා ලොරි රථය පමණක් අරලගංවිල හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී  සොයාගෙන තිබිණි.

එම ලොරි රථයේ කීරි සම්බා වී කිලෝ 9100ක ප්‍රමාණයක් තිබී ඇති අතර cවිසින් ඒවා සියල්ලම රැගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිංහපුර ප්‍රදේශයේ සහල් මෝලකට එම කීරි සම්බා අලෙවි කිරීමට රියැදුරු විසින් රැගෙන ගොස් සිටියදී පවතින තදබදය නිසා එදින මෝලට වී ලබාදීමට නොහැකි වීම නිසා ලොරිය සහ යතුර තබා නිවසට යන ලෙසට රියැදුරුට දැනුම් දුන් බවත් පසුවදා එම ස්ථානයට යන විට ලොරිය නොතිබූ බවත් පැමිණිලිකරු පොලිසියට සඳහන් කරයි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

  • දුරංජලා මධුශානි – දෙහිඅත්තකණ්ඩිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවප්‍රාප්ත වෙයි . . .

Fri Mar 22 , 2024
සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය. සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙයි. නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x