ප්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට . . .

ඉන්දියාවේ ප්‍රකට විපක්ෂ දේශපාලනඥයෙකු සහ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නගරයේ ප්‍රතිපත්තිවලට අදාළව ඔහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසිනි.

කෙජ්රිවාල් සහ ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි පක්ෂය පවසන්නේ අදාළ චෝදනා පදනම් විරහිත බවයි. එම චෝදනා දේශපාලනික වුවමනා මත සිදු කරන ලද්දක් බව ඔවුන් කියා සිටියි.

දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට සති කිහිපයකට පෙර වීම විශේෂත්වයකි.

ඉන්දීය ආර්ථික අපරාධ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක ඒජන්සි සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා කෙජ්රිවාල්ගේ නිවස සෝදිසි කිරීමෙන් පසුව මෙම අත්අඩංගුව‌ට ගැනීම සිදු කර ඇත.

2022 වසරේදි දිල්ලි රජය ක්‍රියාත්මක කළ මධ්‍යසාර විකිණීම සම්බන්ධ ප්‍රතිපත්තියක් රජයේ ඒකාධිකාරය අවසන් කර පෞද්ගලික සිල්ලර වෙළෙදුන් වෙත වාසි අරමුණෙන්, ලබා දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

බලධාරීන් පවසන්නේ, අරවින්ද් කෙජ්රිවාල් නඩුවේ බොහෝ සිතාසි නොසලකා හැර ඇති බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලීසියෙන් මුදල් තෑගි . . .

Fri Mar 22 , 2024
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව පවසයි. T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x