පාතාලයන්ට හොර පාස්පෝට් හදන්න ලක්ෂ පහක් අරන් . . .

ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදී පාතාලයන් ඩුබායිවලට පැන්නවීමේ ජාවාරමේ නිරත වූ දූෂිත නිලධාරීන් එක් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරුන් ලෙසින් පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු දූෂිත කණ්ඩායම් කිහිපයක් කලක සිට කළ ජාවාරම් ගැන අරඹා ඇති විමර්ශනවලදී මේ බව හෙළිවී තිබේ.

දැනට ඇති තොරතුරුවලට අනුව හිනටියන මහේෂ්, මතුගම ශාන් යන පාතාල නායකයන්ට අමතරව තවත් පාතාලයන් පස්දෙනකුට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර බලපත්‍ර සකස්කර දී ඇතැයි අනාවරණය වී ඇත.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රවලින් අපරාධකරුවන් රටින් පැන්නූ චෝදනාවට ලක්ව වැඩ තහනමට ලක්වූ නිලධාරීන් පවා යළි සේවයට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේ තනතුරු හොබවන බවද හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණ’ ට පැවසීය.

  • අසෝක ජයරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීමක් . . .

Fri Mar 22 , 2024
මෙරට ජනතාව අතර චර්ම රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි. වෛද්‍යවරුන් පවසන්නේ එම රෝගී තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. ”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x