කේට් රජ කුමරියට පිළිකාවක් . . .

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍

විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.

කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.

42 හැවිරිදි කේට් සම්බන්ධයෙන් පමණක් නොව, ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරු සම්බන්ධයෙන් ද නොයෙක් නොයෙක් කටකතා පැතිරිණි.

මේ වනවිට, විලියම් කුමරුන්ගේ පියා, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද පිළිකාවකින් පීඩා විදී. චාල්ස් රජු, රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු වූයේ පසුගිය පෙබරවාරියේය.

කේට් මිඩ්ල්ටන් කුමරියගේ පිළිකා තත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් වාර්තා වී නැත. කුමරිය උදරේ සැත්කමට යොමු වූයේ මෙම පිළිකා තත්ත්වය නිසා යැයි ද සැක කෙරේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනපති සටනට සුදුස්සා රනිල් . . .

Sat Mar 23 , 2024
ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කර තිබේ. අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x