පස්වෙනිදා අලුත් සන්ධානයක් . . .

එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේනසිංහ සඳහන් කරයි.

ඒ සඳහා ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන පිරිසක්ද එක්වීමට කැමැත්ත පළකර තිබෙන බවද පැවසූ ඔහු ඒ ඇතුළු තවත් බොහෝ පිරිසක් තම පක්‍ෂය සමඟ එක්වීමට නියමිත බවත් පැවසීය.

නමුත් දේශපාලන වාසි බලාගෙන කටයුතු කරන පිරිස් පක්ෂයකට එකතු කර ගැනීමට සූදානම් නැතැයිද පක්‍ෂයට එකතු කරගන්නේ ප්‍රතිපත්ති ගරුක පිරිස් පමණක් බවත් හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

පාවෙන ඡන්ද තම පක්ෂයට හරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි මැයි දිනයට ඉතිහාසයේ පැමිණි විශාලම සංඛ්‍යාව සම්බන්ධ කරගන්නේ සමගි ජන බලවේගය බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බාල ඖෂධ දහසයක් භාවිතයෙන් ඉවතට . . .

Fri Mar 29 , 2024
ගෙවුණු මාස තුනට තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ දහසයක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දෙයි. ප්‍රතිජිවක ඖෂධ, අක්ෂි දියර, දියවැඩියාව සහ කැස්ස යන රෝගවලට ලබාදෙන ඖෂධ, කැනියුලා, රුධිර කාන්දුකරණ රසායන ද්‍රව්‍ය ඒ අතර වෙයි. තවද සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x