රන් වැසිකිළිය සොරකම් කරයි . . .

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ, වින්ස්ටන්ට් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ, කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ, ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා වැසිකිළි පා්ච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු විය.

රත්තරන් වැසිකිලි පෝච්චියේ සොරකම සිදුවී ඇත්තේ 2019 වසරේදීය. මෙම වැසිකිළි පෝච්චිය අසාමාන්‍ය කලා නිර්මාණයකි. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ මාරියෝ කැටලෙන් නමැති ඉතාලි කලාකරුවා විසිනි. ඒ, ජාත්‍යන්තර කලා නිර්මාණ ප්‍රදර්ශනයක් සඳහාය.

මාරියෝ කැටලෙන් රත්තරන් වැසිකිළියක් නිර්මාණය කළේ ‘ඩොලර් දෙසීයක් වියදම් කර ආහාර අනුභව කළත්, ඩොලර් දෙකක් වියදම් කර අනුභව කළත් අවසන් ප්‍රතිඵලය එකයි’ යැයි පෙන්වා දෙමිනි. කලා නිර්මාණය ‘ඇමෙරිකා’ යන නමින් නම් කෙරුණි. ප්‍රදර්ශනයට තබා දින කීපයකින්, වැසිකිළි පෝච්චිය අතුරුදන් විය.

එම සොරකම සම්බන්ධයෙන් වරදකරු වුණු ජේම්ස් ෂීම්, මේ වනවිටත් වෙනත් සොරකම් සම්බන්ධයෙන් වසර 17 ක සිරදඬුවමක් විදිමින් සිටී. ෆියිච් වේල්ස් බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු, ඔක්ස්ෆර්ඞ් ක්‍රවුන් කෝට් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රීලනිප මූලස්ථානය උණුසුම් වෙයි . . .

Sat Apr 6 , 2024
ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙයි. මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බව පොලිසිය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x