අරවින්ද කොළඹ කොටස් හොල්ලයි . . .

අප්‍රේල් 01 වන සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.

එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා ඇත.

මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් Ambeon Capital PLC සඳහන් කරන්නේ අදාළ කොටස් ගනුදෙනුවල දී සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 11.97% ක් හෙවත් කොටස් මිලියන 120 ක් මිල දී ගැනීමට ARCASIA Investments and Trading Ltd නම් සමාගමක් විසින් කටයුතු කර ඇති බවයි.

මේ අතර කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ARRC CAPITAL (PVT) LIMITED විසින් කළ මෙම කොටස් විකිණීමේ දී, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා විසින් ද Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

– biz.adaderana.lk

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උවිදු ජනාධිපතිවරණයට සූදානම් . . .

Sat Apr 6 , 2024
අපේ රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව අප සතු බව මට විශ්වාස බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය සමග පවතී විශේෂ සම්මුඛ සාකච්චාවකදී සඳහන් කර ඇත. ළමා කාලය, රුසියාවේදී ලැබූ අත්දැකීම්, ජෝතිෂ්‍යය, බෞද්ධ දහ්රමය ඇතුළු විෂයයන ගණනාවක් ගැන එහිදී ඔහු සිය අදහස් ප්‍රකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x